Arrow Season 3 Episode 2

    Sara




අපි කවුරුත් දන්න ඔලිවර් ක්වීන් අවුරුදු 5ක් දුපතේ අතරමං වෙලා ඉදලා බේරිලා ඇවිත් ස්ටාර්ලින් නගරයට වෙන්න ගිය විනාශ ගොඩක් නතර කලා. ඒ වගේම නගරයේ තියෙන දූෂණය වගේම භීෂණයත් ගොඩක් දුරට පාලනය කරන්න පොලිසියට උදව් කලා, ඒ නිසාම එයාට පොලිසියෙන් නීත්‍යානුකූලව එයාගේ හොද වැඩ කරගෙන යන්න අවසර ලැබුනා. ඒ වගේම ඔලිවර් ඇරෝ කියන වීර චරිතයෙන් මිදිලා එයාගේ පුද්ගලික ජීවිතයට මුල් තැන දෙන්නත් හිතාගත්තා. ඒ අදහසේ මුල්ම පියවර විදියට එයා ෆෙලසිටිත් එක්ක පෙම් හමුවකටත් ගියා. ඒත් අවාසනාවට ඒ තවත් දුෂ්ටයෙක් නිසා ඒ පෙම් හමුව කඩාකප්පල් වුනා. ඒ කඩාකප්පල් කිරීම හේතු වුන අලුත් වර්ටිගෝ බෙදාහරින්නා අල්ලා ගන්නත් ඔලිවර්ට හැකියාවක් ලැබුනා. හැබැයි අවාසනාවන්ත විදියට කවුරුත් නොහිතපු වෙලාවක සාරාව නන්නාදුනන කෙනෙක් මරලා දැම්මා.

සාරාව මරලා දැම්මේ කවුද කියලා හැමෝටම අභිරහසක්. ඒ විතරක් නෙවෙයි ස්ටාර්ලින් ටවුමට ඇවිත් දුනු ඊතල වලින් සෙල්ලම් දැන මේ අලුත් කෙනාගේ ඉලක්කය මොකක්ද කියලත් හැමෝටම හිතාගන්න බෑ. ඒ වගේම තවත් සාරාගේ වගේ මිනිමැරුම් කිහිපයක් සිද්ධ වෙනවා. ඒ වගේම රේ පාමර් ඔලිවර්ගේ සමාගමට ඇවිත් මොනවද කරන්නේ කියලා හිතාගන්නවත් බෑ. ඒ අතරතුර ඇරෝ සහ ඔලිවර් චරිත දෙක සමබරව ගෙනියන්න හිතපු ඔලිවර්ට ඒක කරන්න හදද්දි බාධාවන් කිපයක් වෙනවා.



File Info
Quality : 720p
 Type : Mp4
Duration : 41:57
 Size : 364 MB



අනිත් Episode ටික බල්ලන්නත් අපි එක්කම එකතු වෙලා ඉන්න

Post a Comment

0 Comments