My Name Is Oliver Queen
ඉසෙල්ලම සමාවෙන්න ඔනේ කෘතුහලයෙන් බලන් හිටිය Episode එක දෙන්න බැරි උනාට.සිංහල හඬකැවු episode එක හොයා ගන්න හම්බුනේ නෑ යාලුවනේ .කොහොම හරි ඒ කොටස මොකද උනේ කියලා දන්නේ නැතුව මේක බලලා වැඩක් නෑනේ ඉතින් පොඩි විස්තරයක් තියෙනවා කියවලම බලන්න 😉
කොටසේ අවසානයේදි පෙන්නපු විදියට ෆෙලසිටි දුන්න තැනේ ඉන්න රෝයිව හොයාගෙන තියා ස්ටාර්ලින්වලින් ගියා. එයාලා මුණගැහිලා සතුටින් දවසක් හිටියා. හැබැයි ඉතින් අපාරාධකාරයෙක් විදියට ඉන්න රෝයි කැමති නෑ තියාටත් පොලිසියෙන් පැනලා යන ජිවිතය දෙන්න. ඒ නිසා එයා තියාටත් නොකියා යන්න ගියා. ඔය අතරේ රාස් අල් ගුල් ඔලිවර්ට ඇල්ෆා ඔමේගා ජිව අවිය පාවිච්චි කරලා ස්ටාර්ලින් නගරය විනාශ කරන්න කියලා කිවා. හැබැයි ඔලිවර් නම් මේ වැඩේට එච්චර කැමැත්තක් නෑ වගේ. ඒ නිසා එයා මර්ලින් හරහා මේ පණිවිඩිය ඇරෝ ටිම් එකට යවනවා. මර්ලින් කියන මේ කතාව ඇරෝ ටිම් එක මුලදි විශ්වාස කළේ නෑ. හැබැයි ටට්සු ඇවිත් කිවාම එයාලා ටිකක් විතර විශ්වාස කළා. කොහොම හරි ඇරෝ ටිම් එක ඒ ජිව අවිය විසුරුවන ප්ලේන් එක විනාශ කරන්න නන්දා පර්බාත්වලට ගියා. ගිහින් ඒ ප්ලේන් එකත් විනාශ කළා, ඒ අතරේ ටට්සු අතින් මසේවත් මැරුණා. ඒත් මේක රාස්ගේ උගුලක් කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. මොකද එයා ජීව අවිය එයා ළග තියාගෙන තමයි මේ ප්ලේන් එක යවලා තියෙන්නේ. අන්තිමේට කොහොමෙන් කොහොම හරි ඇරෝ ටිම් එක රාස් අල්ලාගත්තා. ඔය අතරේ තමයි ඔලිවර්ගේයි නසාගෙයි කසාදය සිද්ධ වෙන්නේ. කවුරුත් නොහිතපු විදියට මේ දෙන්නා රාස් කසාද බන්දනවා. නසාගෙ නම් මේකට කැමැත්තක් ඇත්තෙම නෑ. ඒත් ඉතින් රාස් කියන දේකට පිටින් යන්න බැරි නිසා එයා කට වහගෙන ඉන්නවා. ඔය අතරේ ඔලිවර්ගේ පක්ෂපාතිත්වය මනින්න රාස් අල් ගුල් ඔලිවර්ගේ යාළුවෝ ඉන්න හිරකූඩුවට අර ජිව අවිය දානවා. එයාලා නම් හිතුවේ ඔලිවර් එයාලාව මේකෙන් බේරාගයි කියලා, හැබැයි ඉතින් ඔලිවර්ටත් මේ වෙනුවෙන් කරන්න දෙයක් නෑ වගේ. අන්තිමේට ඒ හැමෝගෙම ඇගට ඒ ජිව අවියේ තිබුණ වෛරස් එක ගිහින් එයාලා සිහිය නැතිවෙලා වැටුණා.
ඇත්තටම ජිව අවිය ඇගට ගියපු ඇරෝ ටිම් එකේ අය මැරුනද?එතකොට අලුත් රාස් විදියට ඔලිවර් වැඩ බාරගයිද? නිසාගෙයි ඔලිවර්ගෙයි කසාදය කොයි විදියකට වෙයිද? මේ කථාවේ අවසානය කොහොම ඉවරවෙයිද කියලා දැනන්න මේ කොටස බලන්න. 🤪❤️
2 Comments
Arrow season 4 oni ayiye
ReplyDelete22 episode eka nadda ?
ReplyDelete