The Flash Season 1 Episode 20

 The Trap


දැන් නම් එන්න එන්නම මේ කතාව රසවත් වෙනවා නේද?  දවසගානේ එක අදිමානුශියකෙනෙක් අල්ලනවා වෙනුවට දැන් තමා හරියටම කතාවක් විදියට ගලාගෙන යන්න මේ කතාව පටන් ගෙන තියෙනවා. කලින් බෙරීට හැප්පෙන්න වුනේ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයිනේ. දකින දකින කෙනෙක් විදියට හැඩ ගැහෙන අදිමානුශියමිනිහාව මරන්නේ කොහොමද? ඒක තමයි බෙරීට තිබුන ලොකුම ප්‍රශ්නය. ඒ විතරක් නෙවෙයි එයා බෙරී විදිටයත් වෙස් වලාගෙන ලොකු අවුලක් ඇති කලානේ. හැබැයි අන්තිමේට කොහොම හරි කේට්ලන් හදපු සංයෝගය නිසා ඒ කෙනාව නවත්වලා කොටු කරගන්න පුලුවන් වුනා. ඔය අතරේ සිස්කොයි ජෝයි වේල්ස්ට සෙන්ට්‍රල් සිටි වලදී වුන අනතුර ගැන පරික්ෂා කරන්න ගියානේ. එහිදි එයාලා ලාන්ස් එක්ක වැඩ කරලා ඒ අනතුර වුන තැනටත් ගියා. හැබැයි ඉතින් කවුරුවත් හිතපු නැති විදියට එතනින් එයාලාට සාක්ෂියක් ලැබුනා. වෙන මොකුත් නෙවෙයි මළ මිනියක්. ඉතින් එයාලා මලමිනිය ටෙස්ට් කරලා බලද්දි තමයි දැනගන්න ලැබුනේ මේ තමයි ඩොක්ටර් වෙල්ගේ මළමිනිය කියලා, එතකොට ඇත්තටම මේ වෙල්ස් විදියට කවුද ඉන්නේ කියලා මේ හැමෝටම ප්‍රශ්නයක් වුනානේ. ඒ ගැන විස්තර තව හොයාගෙන යද්දි තමයි මේ අයට ඩොක්ටර් වෙල්ගේ කාල කුටිය හොයාගන්න පුලුවන් වුනේ. එතනදී එයාලා හොදටම දැනගන්නවා නපුරුෆ්ලෑෂ් කියන්නේ ඩොක්ටර් වෙල්ස් කියලා. ඒ විතරක් නෙවෙයි අනාගතයේ පත්තරයත් එයාලා දැක්කනේ. 

ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ ෆ්ලෑෂ් ටිම් එක ඩොක්ටර් වෙල්ස්ට විරුද්ධව මොන වගේ දෙයක් කරයිද? එතකොට ඩොක්ටර් වෙල්ස් මොන වගේ විදියකට හැසිරෙයිද? ඒ විතරක් නෙවෙයි. බෙරීගේ අම්මගේ මරණයේ පරික්ෂණයට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්න❤️


File Info
Quality : 360p
Type : MKV
Duration : 42:05
Size : 174 MB



Post a Comment

3 Comments