Arrow Season 3 Episode 7

 Draw Back Your Bow


කවුරුත් පුදුම වුනා මිට කලින් කොටසේ වුන දේවල් ගැන. රෝයි ඇත්තටම සාරා මැරුවද කියලා මේ කතාව බලන හැමෝටම ප්‍රශ්නයක් වුනානේ. හැබැයි අන්තිමේට දැනගන්න ලැබුනා රෝයි නෙවෙයි සාරාව මැරුවේ ඒක එයාගේ හිතේ මැවුන එක සිද්ධියක් විතරයි කියලා. ඒ අතරතුර ඇරෝ නගරයේ ප්‍රධාන කුඩු කල්ලියක් අල්ලන්න යද්දි ඊට කලින් එතනට කවුරු හරි ඇවිත් ඒ අයව මරලා දාලා තිබුනා, ඒ සිද්ධිය දිගේ යද්දි තවත් ඒ වගේම මරණ රැල්ලක්ම ඇතිවුනා. හැබැයි මේ හැම මරණයකම සාක්ෂි කෙලින්ම එල්ල වුනේ ලෝරල්ගේ බොක්සින් පුහුණුකරු ටෙඩ්ටයි. ඒ ගැන හොයද්දි තමයි ඇරෝට දැනගන්න ලැබෙන්නේ ටෙඩුත් ඇරෝ වගේම ඊට කලින් නගරයේ ආරක්ෂකයෙක් විදියට ඉදලා එයාගේ සහයකයත් වුන සිද්ධි නිසා ඒ දේවල් නැවැත්තුවා කියලා. කොහොම හරි අන්තිමේට දැනගන්න ලැබෙනවා මේ හැම මරණයක්ම කරලා තියෙන්නේ ටෙඩ්ගේ සහයකයා : අයිසැක් කියලා. අන්තිමේට ඔලිවර් එයාවත් අල්ලා ගත්තානේ.


ඔයාලට මතකද ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාව, ඇරෝ කතාව බලන හැමෝම ඒ දෙන්නගේ සම්බන්ධය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒත් ඒ ආදර කතාව පටන් ගත්ත තැනම නැවතුනානේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ඔලිවර් ඇරෝ චරිතය වෙලා නගරය ආරක්ෂා කරන නිසයි. අවසානයට මේ දෙන්නා අතර රේ එනවානේ. ඔලිවර්ට නම් ඒක දරාගන්න ටිකක් විතර අමාරුයි. ඉතින් මේ රේයි ෆෙලසිටියි කියන්නේ ඔෆිස් එකේ බොසුයි එයාගේ ලේකමුයි විතරයිද? මේ සතියේ නම් ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න පුලුවන් වේවි. ඒ මදිවට ඇරෝට දන්නෙවත් නැති කෙනෙක් ආදරය කරනවා. නිකන් නෙවෙයි පිස්සුවෙන් ආදරය කරනවා. ඒ පිස්සුව කොච්චරද කියනවා නම් ඇරෝට විරුද්ධ වෙන හැමොම මරලා තමයි මෙයා නවතින්නෙ. ඉතින් මේ කෙනා කවුද? එයා ඇරෝට මෙච්චරම ආදරේ මොකද කියලා දැනගන්න මේ කොටස බලන්න.......



File Info
Quality : 720p
 Type : Mp4
Duration : 42:03
 Size : 366 MB

Post a Comment

0 Comments